දකුණු අප්‍රිකානු ප්‍රධාන විධායක නිළධාරීවරයා සේවයෙන් නෙරපයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Thabang Moroe ධූරයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ, ඔහුට එරෙහිව එල්ල වූ බරපතල විෂමාචාර චෝදනා සනාථ වීම හේතුවෙන්.
පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම චෝදනා හේතුවෙන් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණා.
ඒ අනුව ඉදිරියේ දී ප්‍රධාන විධායක නිළධාරී තනතුරට අයෙකු පත් වන තුරු වැඩබල ප්‍රධාන විධායක නිළධාරී Kugandrie Govender තවදුරටත් එම ධූරයේ වැඩබලනු ඇති.