Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා ජයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන ; D කාණ්ඩයෙන් සුපිරි 8 වටයට සුපිරි සටනක්

D කාණ්ඩයේ කිසිදු කණ්ඩායමක් මෙතෙක් තරගාවලියෙන් ඉවත් වී නොමැති අතර, කිසිදු කණ්ඩායමක් නිල වශයෙන් සුපිරි 8 වටයට ද මෙතෙක් සුදුසුකම් ලබා නැහැ.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය මෙරට වේලාවෙන් ඊයේ(10) රාත්‍රියේ නිව් යෝර්ක් හී දී නිමා වුණේ බංග්ලාදේශය පරදා දකුණු අප්‍රිකාවට ලකුණු 4ක තියුණු ජයක් හිමි කර දෙමින්.

මෙම ජයත් සමග D කාණ්යේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ආරක්ෂා කර ගනිමින් ප්‍රසාද ලකුණු හයක් ලබා සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉතා ආසන්න වීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබා සිටින බංග්ලාදේශය හා නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාවල රැදී සිටින අතර, මෙතෙක් කිසිදු ජයක් ලබා නොමැති නේපාලය හා ශ්‍රී ලංකාව පිළිවෙලින් සිව්වැනි හා 5 වැනි ස්ථානවල රැදී සිටිනවා.

මෙම කාණ්ඩයේ කිසිදු කණ්ඩායමක් මෙතෙක් තරගාවලියෙන් ඉවත් වී නොමැති අතර, කිසිදු කණ්ඩායමක් නිල වශයෙන් සුපිරි 8 වටයට ද මෙතෙක් සුදුසුකම් ලබා නැහැ.

[team_standings 59915]

 

දකුණු අප්‍රිකාව සිය අවසන් තරගය නේපාලයට එරෙහිව ජයගතහොත් දකුණු අප්‍රිකා කණ්ඩායම අනිවාර්යයෙන්ම සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගන්නවා.

මේ වන විට නේපාලයට මෙන්ම, බංග්ලාදේශය හෝ නෙදර්ලන්තයට ප්‍රසාද ලකුණු 6ක් දක්වා ලබා ගැනීමේ අවස්ථාව තවදුරටත් පවතිනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව හමුවේ නේපාලය පරාජයට පත්වුවහොත්, නේපාලයට ප්‍රසාද ලකුණු 6ක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන අතර, එම අවස්ථාව හිමි වන්නේ නෙදර්ලන්තයට හෝ බංග්ලාදේශයට පමණයි. ඒ අනුව නේපාලය මීළග තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වුවහොත් දකුණු අප්‍රිකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගන්නවා.

ශ්‍රී ලංකාව ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඔවුන් ක්‍රීඩා කරන මීළග තරග දෙකම ජය ගත යුතු අතර, නෙදර්ලන්තය හමුවේ හෝ නේපාලය හමුවේ බංග්ලාදේශය පරාජයට පත්වීම ද සිදු විය යුතුයි. එහිදී ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගන්නා අනෙක් කණ්ඩායම්වලට වඩා ශුද්ධ ලකුණු වේගය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවුවහොත් පමණක් ශ්‍රී ලංකාවට සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත හැකි වනවා.

බංග්ලාදේශය ඉදිරි තරග දෙකම ජයගතහොත් ඔවුන් සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගන්නවා. නෙදර්ලන්තයට ද ඉතිරි තරග දෙකම ජයගතහොත් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් උදා වන අතර, එහිදී නේපාලය ඉතිරි තරග තුනෙන් එකක් පරාජයට පත් වීම පමණක් ප්‍රමාණවත් වනවා.

නේපාලය ඉතිරි තරග තුනම ජයගතහොත් ඔවුන්ට සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමේ ඉහළ අවස්ථාවක් උදා වනවා. එහිදී නෙදර්ලන්තය ඉදිරියේ දී එක් තරගයක් පරාජයට පත් වීම ප්‍රමාණවත් වන අතර, නෙදර්ලන්තය ඉතිරි තරග දෙකම ජයගතහොත් නේපාලය, නෙදර්ලන්තය හා දකුණු අප්‍රිකාව යන රටවල් අතරින් ඉහළ ශුද්ධ ලකුණු වේගයක් ඇති කණ්ඩායම් දෙක දෙවැනි වටයට සුදුසුකම් ලබා ගන්නවා.

නේපාලය තරග තුනෙන් තරග දෙකක් ජය ගත්හොත්, නෙදර්ලන්තය හා බංග්ලාදේශය ඔවුන් ක්‍රීඩා කරන ඉතිරි තරග දෙකෙන් එක් තරගය බැගින් පරාජයට පත් වීම සිදු විය යුතුයි. එහිදී රටවල් කිහිපයක් ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටිය හැකි බැවින් ඉහළ ශුද්ධ ලකුණු වේගයක් ලබා ඇති කණ්ඩායමට ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා.

D කාණ්ඩයේ ඉතිරි තරග –

  • Sri Lanka vs Nepal
  • Bangladesh vs Netherlands
  • South Africa vs Nepal
  • Bangladesh vs Nepal
  • Sri Lanka vs Netherlands
Leave a comment