Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවෙන් පැමිණ නවසීලන්තයට ක්‍රීඩා කළ වෑග්නර් ජාත්‍යන්තර පිටියට සමු දෙයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

වසර 12 ක කාලයක් ටෙස්ට් පිටියේ රැදී සිටි ඔහු මේ වන විට 37 වන වියේ පසුවන අතර, නවසීලන්තය වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 64 ක් ක්‍රීඩා කළා.

ඔස්ට්‍රේලියාවට එරෙහි ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ද ඔහු ඇතුළත් කිරීමට පසුගියදා පියවර ගෙන තිබූ නමුත්, ඔහු දෙරට අතර එළඹෙන 29 වැනිදා වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා වන නවසීලන්ත කණ්ඩායමට ඇතුළත් වන්නේ නැහැ.

දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ඔහු සංචිතයෙන් නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔහු සිය ටෙස්ට් දිවිය කඩුලු 260 ක් දවා ගනිමින් අවසන් කරන අතර, නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයින් අතර ඔහුට හිමි වන්නේ 5 වැනි ස්ථානයයි.

2021 වසරේ දී ලෝක ටෙස්ට් ශූරතාවය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.

දකුණු අප්‍රිකානු ජාතිකයෙකු ලෙස උපත ලැබූ වෑග්නර් නවසීලන්තයට පැමිණියේ 2008 වසරේ දී යි.

ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්ත ද, ඔහු තවදුරටත් දේශීය තරග ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවනවා.

මේ අතර, සිය විශ්‍රාම ගැනීම නිවේදනය කිරීමට පැවැති මාධ්‍ය හමුවේ දී නෙයිල් වෑග්නර් ඉතා හැගීම්බර වන ආකාරයක් ද දක්නට ලැබුණා. (දර්ශන පහතින්)

විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් නෙයිල් වෑග්නර් මෙලෙස අදහස් පල කළා.

“It’s not easy to step away from something you’ve given so much to and got so much out of, but it’s now time for others to step up and take this team forward,”

“I’ve enjoyed every single moment of playing Test cricket for the Black Caps and am proud of everything we’ve been able to achieve as a team. The friendships and bonds built over my career are what I’ll cherish the most and I want to thank everyone who’s played a part in where I am today. My teammates have always meant the world to me and all I’ve ever wanted to do was what was best for the team – I hope that’s the legacy I will leave.

“I’d like to thank my wife Lana for her support in helping me be the man I am today and for helping bring our two little girls Olivia and Zahli and our boy Josh into the world.

“I’m looking forward to one final week in camp and will be doing everything I can to help prepare and support the boys.”

Leave a comment