Ultimate magazine theme for WordPress.

තෙවැනි තරගයේ ඉනිම ආරම්භ කිරීමේ වගකීම රෝහිට් ෂර්මාට

ඔස්ට්‍රේලියාව සමග හෙට(7) ආරම්භ වන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරුණා.

අජින්කෙයා රහානේ නායකත්වය දරන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙන් ලෙස මෙම තරගයේ දී රෝහිට් ෂර්මා සහ ෂුබ්මන් ගිල් කටයුතු කරනු ඇති.

රෝහිට් කණ්ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කරන අතර, නව්දීප් සයිනි හෙට තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය හෙට(7) මෙරට වේලාවෙන් අලුයම 5ට සිඩ්නිහී දී ආරම්භ වීමට නියමිතයි.

  • India XI for third Test: Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Ajinkya Rahane(c), Hanuma Vihari, Rishabh Pant(wk), Ravindra Jadeja, Ravichandran Ashwin, Mohammed Siraj, Jasprit Bumrah, Navdeep Saini
Leave a comment