Ultimate magazine theme for WordPress.

තෙවැනි ටෙස්ට් තරගයට පෙර එංගලන්ත කණ්ඩායම තාවකාලිකව ඉන්දියාව හැර යයි

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර එංගලන්ත කණ්ඩායම යළි අබුඩාබි වෙත පිටත්ව යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊයේ (5) දිනයේ දී විසාකාපට්නම් හී දී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ලකුණු 106 ක ජයක් වාර්තා කළ අතර, ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 15 වැනිදා රාජ්කොට් හී දී ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර එංගලන්තය දින කිහිපයක් සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පිටත්ව යන අතර, තෙවැනි තරගය ආරම්භ වීමට දින කිහිපයකට පෙර ඔවුන් යළි ඉන්දියාවට පැමිණෙනු ඇති.

ඔවුන් ඉන්දියාවෙන් පිටත්ව යන දිනයක් හෝ යළි පැමිණෙන දිනයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

තරග සංචාරය ආරම්භ කිරීමට පෙර ද එංගලන්ත කණ්ඩායම අබුඩාබි හී දී පුහුණු කදවුරකට එක් වූ අතර, තෙවැනි තරගයට පෙර ද එංගලන්ත ක්‍රීඩකයින් එලෙස අබුඩාබි හී දී පුහුණුවීම්වල නිරත වීමට නියමිතයි.

Leave a comment