Ultimate magazine theme for WordPress.

තෙවැනි එක්දින තරගයේ ආරම්භක වේලාව පැය 4ක් පසුපසට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ ආරම්භක වේලාව සංශෝදනය කර තිබෙනවා.

කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එම තරගය එරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන බවයි.

ඒ අනුව එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ කෙරනු ඇති.

මීට පෙර තෙවැනි එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස මෙරට වේලාවෙන් රාත්‍රී 11ට ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ.

සෙසු කිසිදු තරගයක ආරම්භක වේලාව සංශෝදනය කර නැහැ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගය එළඹෙන 14 වනදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉදිරි කාලසටහන :

March 12: 2nd ODI at SVRS – 9:30am ECT/8:30am JT

March 14: 3rd ODI at SVRS – 9:30am ECT/8:30am JT

March 21-25: 1st Test at SVRS – 10am ECT/9am JT

March 29 to April 2: 2nd Test at SVRS – 10am ECT/9am JT

Leave a comment