තෙවන විනිසුරුට වැරදුණු ආන්දෝලනයට තුඩු දුන් තීරණය

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී තෙවන විනිසුරු විසින් ලබා දුන් වැරැදි තීරණයක් සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.
අජින්කෙයා රහානේ උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බවට එංගලන්ත ක්‍රීඩකයින් විසින් ඉනිමේ 75 වන පන්දුවාරයේ දී විනිසුරුගෙන් ඉල්ලීමක් සිදු කළා.
කෙසේ වෙතත්, එය දැවීයාමක් නොවන බවට විනිසුරු විසින් තීරණය කළ අතර, පසුව එංගලන්ත කණ්ඩායම විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාව ලබා ගත්තා.
එහිදී තෙවන විනිසුරු ද තීරණය කළේ පන්දුව පිත්ත පසු කරන පළමු අවස්ථාවේ දී පන්දුව පිත්තේ නොගැටෙන බවයි.
ඒ අනුව රහානේ දැවී නොගිය පිතිකරුවෙකු ලෙස තෙවන විනිසුරු ද තීරණය කළා.
කෙසේ වෙතත්, පසුව පුනරූපනවලින් දක්නට ලැබුණේ පන්දුව forward short leg හි පන්දු රකිමින් සිටි ඔලී පෝප්ගේ අතට ඇදී යාමට පෙර එය පිතිකරුවාගේ අත් ආවරණයෙහි ගැටෙන බවයි.
මෙම වැරැදි විනිසුරු තීරණය හේතුවෙන් එංගලන්තය අහිමි වූ විනිසුරු තීරණ නැවත විමසීමේ (DRS) අවස්ථාව යළි ඔවුන්ට ලබා දීමට ද පසුව කටයුතු කෙරුණා.
මෙම සිදුවීමෙන් පන්දු 6කට පසුව අජින්කෙයා රහානේ දැවී යාම ද විශේෂත්වයක්.(දැවී යාමේ දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න)
කෙසේ වෙතත්, අදාළ වැරැදි විනිසුරු තීරණය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව දැඩි අප්‍රසාදය පල කරනු දක්නට ලැබෙනවා.
දර්ශන පහතින් –
India vs England. Today match
I have doubt with 3rd Umpire he is not doing good he is not checking all agale and simply give decetions@ICC @BCCI This agle was not checked by Umpire… Even commentators are saying why he didn’t check… pic.twitter.com/oXYLSmWACY— Salim_Khan_@Sam (@salim205) February 13, 2021