Ultimate magazine theme for WordPress.

තුෂාරගේ මංගල IPL තරගයෙන් MI පරදිද්දී ජයිස්වාල් හා සන්දීප් රාජස්ථානයට 7 වැනි ජයත් හිමි කර දෙයි

Match Report

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට අයි.පී.එල් වරම් හිමි කර දෙමින් පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සදුදා (22) රාත්‍රියේ සමත් වුණා.

ජායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 179 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් ක්‍රීඩකයින් ඉනිම නිමා වීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

මෙම තරගයේ දී මුම්බායි පන්දු රකින්නන්ගේ පන්දු රැකීම ඉතා දුර්වල මට්ටමක පැවැති අතර, උඩ පන්දු කිහිපයක්ම ඔවුන් අතින් ගිලිහී ගියා. ඉන් උපරිම ප්‍රයෝජන ගත් රාජස්ථාන් කණ්ඩායම මෙවර තරග වාරයේ දී තමන් ලැබූ 7 වැනි ජයග්‍රහනය ද (තරග 8කින්) වාර්තා කළ අතර, ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ද තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඔවුන් සමත් වුණා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

රාජස්ථාන් ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් පන්දු 60 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. හයේ පහර 7ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ජොස් බට්ලර් ලකුණු 35 කට දැවී ගිය අතර, සංජු සැම්සන් නොදැවී ලකුණු 38 යි.

පන්දු යැවීමේ දී පියුෂ් චවුලා ලකුණු 33 කට කඩුල්ලක් දවා ගත්තා. නුවන් තුෂාර මෙම තරගයේ දී පන්දුවාර 3ක් යොමු කළ අතර, එහිදී ප්‍රතිවාදීන් ලකුණු 28 ක් රැස් කළා.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම වෙනුවෙන් තිලක් වර්මා ලකුණු 65(45) ක් හා නෙහාල් වදේරා ලකුණු 49(24) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා ලකුණු 18 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

IPL 2024 - Points Table (Updated on May 19)

TEAMS M W L PT NRR
KKR (Q) 14 9 3 20 1.428
SRH (Q) 14 8 5 17 0.414
RR (Q) 14 8 5 17 0.273
RCB (Q) 14 7 7 14 0.459
CSK (E) 14 7 7 14 0.392
DC (E) 14 7 7 14 -0.377
LSG (E) 14 7 7 14 -0.667
GT (E) 14 5 7 12 -1.063
PBKS (E) 14 5 9 10 -0.353
MI (E) 14 4 10 8 -0.318
Leave a comment