Ultimate magazine theme for WordPress.

තුන්කොන් තරගාවලියක් ගැන බංග්ලාදේශයෙන් ඉගියක්

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ලබන සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත වන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

එහිදී ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට එරෙහිව බංග්ලාදේශය පන්දුවාර 20යි 20 තරග 3 බැගින් වන තරගාවලි දෙකක් ක්‍රීඩා කරනු ඇති.

2021 ලෝක කුසලාන පන්දුවාර 20යි 20 තරගාවලියට පෙරහුරුවක් වශයෙන් මෙම තරගාවලි පැවැත්වීමට නියමිතයි.

මීට පෙර නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව බංග්ලාදේශයට එරෙහි තරග දෙක බැගින් වූ ටෙස්ට් තරග සංචාර කොරෝනා වංසගතය හේතුවෙන් කල් දැමීමට ද කටයුතු කළා.

මේ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියෙන් පසුව එංගලන්ත කණ්ඩායම ද එක්දින සහ 20යි 20 තරග 3 බැගින් වන තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් බංග්ලාදේශයට පැමිණීමට නියමිත බව සදහන්.

ඇතැම් විට බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තුන්කොන් තරගාවලියක් සංවිධාන කිරීමට ඉඩ ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a comment