Ultimate magazine theme for WordPress.

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තිරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ලිපියක් මාර්ගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව සදහන්.

32 හැවිරිදි ඔහු ඇතුළු ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම තේරීම් කමිටුව විසින් ඉදිරියේ දී එක්දින කණ්ඩායම සදහා තෝරා නොගැනීමට අවධානය යොමු කර ඇති පසුබිමකයි තිසර පෙරේරා මෙම තීරණය ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කිහිපයක්ම පිහිටුවා ඇති තිසර පෙරේරා තරගයක හයේ පහර හයක් එක් පන්දුවාරයකදී එල්ල කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවාද වනවා.

Leave a comment