Ultimate magazine theme for WordPress.

තිදෙනෙකු පළමු වරට ටෙස්ට් සංචිතයට ; ඉන්දියාවට එරෙහි එංගලන්ත සංචිතය මෙන්න

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 20 හැවිරිදි දග පන්දු යවන ක්‍රීඩක Shoaib Bashir නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය ජූනි මාසයේ සමර්සෙට් වෙනුවෙන් පළමු පෙල වරම් දිනූ ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙල තරග හයක් පමණයි.

මේ වන විට සුදු පන්දු තරග සදහා එංගලන්තය නියෝජනය කර ඇතත්, මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් හා වමත් දග පන්දු යවන ක්‍රීඩක ටොම් හාර්ට්ලි ද එංගලන්ත සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඉන්දියාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 25 වැනිදා හයිදරාබාද් හී දී ආරම්භ වීමට නියමිතයි.

ආබාධවලට ලක්ව සිටි ඔලී පෝප් හා ජැක් ලීච් ද යළි ටෙස්ට් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නිමා වූ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වම් දණහිසේ ශල්‍යකර්මයකට මුහුණ දුන් නායක බෙන් ස්ටොක්ස් ඉන්දියාවට එරෙහි එංගලන්ත සංචිතයේ ද නායකයා ලෙස නම් කර ඇතත්, ඔහු එම තරගාවලියේ දී ද පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

England Test squad:

Ben Stokes (c), Rehan Ahmed, James Anderson, Gus Atkinson, Jonny Bairstow, Shoaib Bashir, Harry Brook, Zak Crawley, Ben Duckett, Ben Foakes, Tom Hartley, Jack Leach, Ollie Pope, Ollie Robinson, Joe Root, Mark Wood.

Leave a comment