Ultimate magazine theme for WordPress.

තිදෙනෙකුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කසුන් රාජිතට සහ ළහිරු කුමාරට දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔවුන් ගොදුරු වූ ආබාධ හේතුවෙන්.

ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වාට ද සති දෙකක කාලයක් විවේක ගැනීමට සිදු වන බැවින් ඔහුට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වනු ඇති.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment