Ultimate magazine theme for WordPress.

තිදෙනෙක් සංචිතයට එද්දී ධනංජය එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා එළඹෙන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

පෞද්ගලික හේතුවක් මතයි ඔහු එලෙස සංචිතයෙන් ඉවත්ව ඇත්තේ.

ඊයේ දිනයේ දී ඔහුගේ බිරිද පළමු දරු උපත ද සිදු කළා.

ලබන 16 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ධනංජය ද සිල්වා කළ ඉල්ලීමට අනුමැතිය ලැබී ඇති බව සදහන්.

ඒ අනුව ඔහු වෙනුවට කමිදු මෙන්ඩිස් සංචිතයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් ද එක්දින සංචිතයට කැදවීමට පියවර ගෙන ඇති බව සදහන්.

Leave a comment