Ultimate magazine theme for WordPress.

තවත් ලෝක කුසලානයක් කල් යයි – T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ මෙහෙමයි

2021 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වසරකින් කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම තරගාවලිය 2022 වසරේ පෙබරවාරි මාසයේ දී නවසීලන්තයේ දිම පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගත හේතුවෙනුයි ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

තරගාවලිය සදහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ද අයි.සී.සීය සදහන් කළා.

ඒ අනුව මේ වන විට අදාළ ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 5ක් සුදුසුකම් ලබා ඇති අතර, ලබන වසරේ ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකින් තවත් කණ්ඩායම් 3ක් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇති.

අදාළ සුදුසුකම් ලැබීමේ තරගාවලිය පසුගිය ජූලි මාසයේ දී මෙරට දී පැවැත්වීමට නියමිතව තිබුණ ද, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

මේ අතර, මෙම වසරේ දී ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව තිබී, 2022 වසර දක්වා කල් දැමුණු පිරිමි පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා නව සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදයක් ඔස්සේ කණ්ඩායම් තෝරා ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම වසරේ පැවැත්වීමට නියමිත වූ අදාළ තරගාවලියට මේ වනවිට සුදුසුකම් ලබා සිටි කණ්ඩායම් සදහා ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනවා.

ඒ අනුව 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන ආකෘතිය 2020 තරගාවලිය පැවැත්වීමට නියමිත වූ ආකෘතියම වනු ඇති.

Leave a comment