Ultimate magazine theme for WordPress.

තවත් ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු IPL හැර යයි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ඇඩම් සම්පා සහ කේන් රිචර්ඩ්සන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතු පදනම් කර ගනිමින්.

ඒ අනුව තරගාවලියේ ඉදිරි තරග සදහා ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන්නේ නැහැ.

රිචර්ඩ්සන් මෙවර තරගාවලියේ දී එක් තරගයක් සදහා ක්‍රීඩා කළ අතර, සම්පා කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කළේ නැහැ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි ද යළි සියරට බලා පිටව ගිය බවයි ඊයේ දිනයේ දී නිවේදනය කෙරුණේ.

කොවිඩ් 19 අර්බුදය හමුවේ ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ද මෙවර තරග වාරයෙන් තාවකාලිකව ඉවත් වන බව අද අලුයම සදහන් කළා.

Leave a comment