Ultimate magazine theme for WordPress.

තවත් ප්‍රබල දකුණු අප්‍රිකා වේග පන්දු යවන්නෙක් 20යි 20 තරගාවලියෙන් ඉවතට

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩීට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු මුහුණ දී සිටින වම් වළලුකර ප්‍රදේශයේ ආබාධයක් හේතුවෙන්.

ආබාධය නිසා ඔහුට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

20යි 20 තරගාවලියට තරග 3ක් ඇතුළත් නමුත්, එන්ගිඩී ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ පළමු තරග දෙක සදහා පමණයි.

අනතුරුව ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් දේශීය සිව් දින තරගයක් ක්‍රීඩා කිරීමට ලුන්ගි එන්ගිඩී සූදානමින් පසුවුණා.

කෙසේ වෙතත්, එම දේශීය තරගයට ක්‍රීඩා කිරීමට ඔහුට හැකි වනු ඇත්දැයි එරට ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කණ්ඩායම විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් සලකා බැලීමෙන් පසුව තීරණය කරනු ඇති.

මේ අතර, එන්ගිඩී වෙනුවට වමත් වේග පන්දු යවන ක්‍රීඩක Beuran Hendricks 20යි 20 සංචිතය සදහා ආදේශ කර තිබෙනවා.

ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් 20යි 20 තරග 19 ක් ක්‍රීඩා කර ඇතත්, 2021 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා ඔහු කිසිදු ජාත්‍යන්තර 20යි 20 තරගයක් ක්‍රීඩා කර නැහැ.

20යි 20 තරගාවලියෙන් කාගිසෝ රබාඩා විවේක ගන්වා ඇති අතර, අන්රික් නොකියාට ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

Leave a comment