තවත් ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට කොරෝනා

ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක මැතිව් වේඩ්ට ද කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සමග මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගයට පැය 24 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී යි මේ බව අනාවරණය වී ඇත්තේ.
මේ හේතුවෙන් ඔහු අද පස්වරුවේ දී පුහුණුවීම් සදහා ද එක්ව නොමැති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.
මීට පෙර ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගැණුනු අතර, ඒ හේතුවෙන් ඔහු පසුගිය 25 වැනිදා ශ්‍රී ලංකාව සමග පැවැති තරගය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.
තරගාවලියේ නීති රීතිවලට අනුව කොවිඩ් 19 ආසාදිත ක්‍රීඩකයෙකුට වුවද තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින නමුත්, එවැනි ක්‍රීඩකයින්ට පිළිපැදීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බොහෝ විට මැතිව් වේඩ් හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ පවතින බව සදහන්.
මීට පෙර අයර්ලන්ත ක්‍රීඩක ජෝර්ජ් ඩොක්‍රෙල්ට ද කොවිඩ් 19 ආසාදනය වූ නමුත්, ඔහු රෝගය ආසාදනය වී සිටියදී ම ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවැති තරගය සදහා ක්‍රීඩා කළා.