Ultimate magazine theme for WordPress.

තවත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට කොරෝනා

තවත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, එළඹෙන එංගලන්ත තරගාවලියට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි.

ඒ අනුව අදාළ ක්‍රීඩකයා මේ වන විට සෙසු ක්‍රීඩකයින්ගෙන් වෙන් කර හුදෙකලා කර ඇති බව සදහන්.

පසුගියදා තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අණාවරණය වූ අතර, ඒ අනුව මේ වන විට දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු හුදෙකලා කිරීමට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ නම් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර නැහැ.

මේ හේතුවෙන් දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයින් අතර හෙට(21) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගය ද අත්හිටුවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment