Ultimate magazine theme for WordPress.

තවත් කොදෙව් පිතිකරුවෙක් ලංකා ප්‍රිමියර් ලීගයට

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු චැඩ්වික් වොල්ටන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 35 හැවිරිදි ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් හෙවත් ගාලු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා සිට දෙසැම්බර් 16 වනදා දක්වා පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලියේ සියලු තරග හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment