Ultimate magazine theme for WordPress.

තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා.

පසුගිය සතියේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අද(16) දිනයේ දී ඉන් සමත් වී ඇති බව සදහන්.

මෙම පරීක්ෂණයෙන් සමත් වීමටනම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයකින් දිව යාමට ක්‍රීඩකයින්ට සිදු වනවා.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක මිනිත්තු 8යි තත්ත්පර 23ක කාලයකින් අදාළ දුර ප්‍රමාණය දිව ගොස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා.

භානුක රාජපක්ෂ ඒ සදහා ගත කර ඇති කාලය මිනිත්තු 8යි තත්ත්පර 27ක්.

මේ අතර, පසුගියදා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට තම විවාහ උත්සවය නිසා එක් නොවූ කුසල් මෙන්ඩිස් ද අද දිනයේ දී මෙම පරීක්ෂණයට මුහුණ දුන්නා.

ඒ අනුව ඔහු මිනිත්තු 8යි තත්ත්පර 18ක කාලයකින් අදාළ දුර ප්‍රමාණය දිව යමින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී තිබෙනවා.

පසුගිය සතියේ පැවැති යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ කුසල් ජනිත් පෙරේරා ද ඉදිරි දිනකදී යළිත් මෙම පරීක්ෂණය සදහා මුහුණ දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආබාධයක් හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පසුගියදා පැවැති යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී නොවූ අතර, ඔහු ද කුසල් ජනිත් සමගින් ඉදිරි දිනකදී ඒ සදහා මුහුණ දෙනු ඇති.

Leave a comment