Ultimate magazine theme for WordPress.

තරග 15 ක සංචාර දෙකක් සදහා නවසීලන්ත පිල පාකිස්තානයට

මාස 5ක කාලයක් තුළ දී නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරක දෙකක නිරත වීමට නියමිතව ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද(10) තහවුරු කළා.

මෑත කාලයේ දී ඔස්ට්‍රේලියාව හා එංගලන්තය ද පාකිස්තානයේ තරග සංචාරයක නිරත වූ අතර, ඒ අනුව මෙම කාලයේ දී පාකිස්තානයේ තරග සංචාරයක නිරත වන තෙවැනි ප්‍රධාන රට ලෙස නවසීලන්තය ඉතිහාසයට එක් වනු ඇති.

නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ සිදු කරන තරග සංචාරයේ පළමු අදියරේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

අදළා ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වන අතර, එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට ඇතුළත් වනවා.

2002 වසරේ මැයි මාසයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ දී ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය ලෙස ද ඉතිහාසගත වනු ඇති.

ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 27 වැනිදා ආරම්භ වන අතර, එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජනවාරි 11 වැනිදායි.

අනතුරුව පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය පෙබරවාරි 9 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පසුව 20යි 20 තරග 5ක් හා එක්දින තරග 5ක් ක්‍රීඩා කිරීම සදහා නවසීලන්ත කණ්ඩායම යළි එරටට අප්‍රේල් මාසයේ දී පැමිණීමට නියමිතව තිබෙනවා.

තරග කාලසටහන –

පළමු අදියර :

  • Dec 27-31 – 1st Test : Karachi
  • Jan 4-8 – 2nd Test : Multan
  • Jan 11 -1st ODI : Karachi
  • Jan 13 – 2nd ODI : Karachi
  • Jan 15 – 3rd ODI : Karachi

දෙවැනි අදියර :

  • Apr 13 – 1st T20I : Karachi
  • Apr 15 -2nd T20I : Karachi
  • Apr 16 – 3rd T20I : Karachi
  • Apr 19 – 4th T20I : Karachi
  • Apr 23 -5th T20I : Lahore
  • Apr 26 – 1st ODI : Lahore
  • Apr 28 – 2nd ODI : Lahore
  • May 1 – 3rd ODI : Rawalpindi
  • May 4 – 4th ODI : Rawalpindi
  • May 7 – 5th ODI : Rawalpindi
Show Comments (1)