Ultimate magazine theme for WordPress.

තම රථයේ වීදුරුව කැඩෙන්නම ඕබ්‍රයන්ගෙන් හයේ පහරක්

අයර්ලන්ත පිතිකරු කෙවින් ඕබ්‍රයන්ට හරි අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එරට පැවැති අන්තර් පළාත් 20යි 20 තරගාවලියක තරගයක් අතරතුරදීයි.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 12කට සීමා වූ මෙම තරගයේදී කෙවින් ඕබ්‍රයන් පන්දු 37කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 82ක්.

ඊට හයේ පහර 8ක් ඇතුළත්.

ඉන් එක් හයේ පහරක් ක්‍රීඩාංගණයේ රථගාල වෙත පතිත වී තිබූ බව සදහන්.

එය රථගාලේ තිබූ මෝටර් රථයක් මතට පතිත වී තිබූ අතර රථයේ පිටුපස වීදුරුව ද කැඩී ගොස් තිබුණා.

මෙහි ඇති පුදුමය දනවන කාරණය නම් මේ මෝටර් රථය අන් කිසිවෙකුගේවත් නොව කෙවින් ඕබ්‍රයන්ගේම වීමයි.

වීඩියෝ දර්ශන සහ ඡායාරූප පහතින් –

Leave a comment