Ultimate magazine theme for WordPress.

ඩේල් ස්ටේන් LPL තරගාවලියට – මලික් දිවයිනට

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තමා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි ඔහු සදහන් කර සිටියේ.

මේ අතර, මෙවර තරගාවලියේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් ඊයේ රාත්‍රී කාලයේ දී දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, EK 648 දරන එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයෙන්.

ඔහු යාපනය කණ්ඩායම සමග මේ වන විට එක්ව සිටින 5 වැනි විදෙස් ක්‍රීඩකයා ද වනවා.

එම කණ්ඩායමේ 6 වැනි විදෙස් ක්‍රීඩකයා ලෙස එක්වීමට නියමිතව ඇත්තේ කොදෙව් පිතිකරු ජොන්සන් චාර්ල්ස්.

එළඹෙන 25 වනදා ජොන්සන් චාර්ල්ස් දිවයිනට ළගා වීමට නියමිත බවයි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නිවේදනය කළේ.

Leave a comment