Ultimate magazine theme for WordPress.

ඩි විලියස් බිග් බෑෂ් තරගාවලියෙන් ඉවත් වෙයි

ADVERTISEMENT

දකුණු අප්‍රිකා සුපිරි පිතිකරු ඒ.බී.ඩි විලියස් මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු සහ ඔහුගේ බිරිද සිය තෙවන දරු උපත අපේක්ෂාවෙන් පසුවන බැවින්.

මෙවර තරග වාරයේ දී ද ඩි විලියස් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටියා.

කොරෝනා වසංගත තත්ත්වයත් සමග පවතින සියලු තත්ත්වයන් ද සලකා බලා ඔහු මෙවර තරග වාරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සදහන්.

මේ අතර, ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් රෙහ්මාන් සමග මෙවර තරග වාරය වෙනුවෙන් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම යළි ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

Leave a comment