Ultimate magazine theme for WordPress.

ඩිල්ෂාන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අහිමි වූ හේතුව

තමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

පසුගිය මාසයේ දී තමා ඒ බව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බවයි හෙතෙම newswire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ.

මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමි කර ගත්තා.

ඊට අදාළ 17 දෙනාගේ නාමලේඛනය ඊයේ දිනයේ දී එම පක්ෂය විසින් ප්‍රකාශයට පත් කළ නමුත් ඊට තිලකරත්න ඩිල්ෂාන් ඇතුළත්ව සිටියේ නැහැ.

 

Leave a comment