Ultimate magazine theme for WordPress.

ටොන්ඩර් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයෙන් ඉවත් කෙරේ

දකුණු අප්‍රිකානු ක්‍රීඩක Raynard van Tonder ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදුව ඇති අස්ථි බිදී යාමක් හේතුවෙන්.

සිකුරාදා පැවැති පුහුණුවීම් අතරතුර දී ඔහු මෙම ආබාධයට ගොදුරු වී ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ අතර, හෙට (3) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩාට අහිමි වනු ඇති බව වාර්තා වුණා.

දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් සදහන් කර තිබුණේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීම සදහා අවශ්‍ය කාලය ලබා දීමේ අරමුණින් රබාඩාට දෙවැනි ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා නොදීමට අවධානය යොමු කර ඇති බවයි.

ආබාධ හේතුවෙන් Glenton Stuurman සහ Migael Pretorius යන ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමට ද පසුගියදා පියවර ගැණුනා.

Leave a comment