Ultimate magazine theme for WordPress.

“ටෙස්ට් සහ එක්දින කියලා මම කිසිම වෙනසක් කරන්නේ නැහැ” – වනිදු හසරංග

තමා උපන් ප්‍රදේශය වන ගාල්ලේ දී ටෙස්ට් තරගාවලියකදී ද ක්‍රීඩා කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පවසනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය වෙත අදහස් දක්වමින්.

තමා පාසල් කාලයේ සිට ක්‍රීඩා කළේ ගාලු ක්‍රීඩාංගනයේ දී බවත්, සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම ක්‍රීඩා කිරීමට හැකි වූ බවත්, වනිදු සිහිපත් කළා.

ඒ අනුව සිය දෙවැනි ටෙස්ට් තරගාවලිය ද ගාල්ලේ දී ක්‍රීඩා කිරීමට ලැබීම අතිශය සතුටට කරුණක් බවයි ඔහු කියා සිටියේ.

පුහුණුකරුගේ උපදෙස් ප්‍රකාරව තමා සීමිත පන්දුවාර සහ ටෙස්ට් යන තරග රටා ද්විත්වයේ දී ම එකම ආකාරයකින් පන්දු යැවීමට සහ පිතිකරණයේ  නිරත වීමට කටයුතු කරන බව ද වනිදු හසරංග සදහන් කළා.

Leave a comment