Ultimate magazine theme for WordPress.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි වෙනසක්

නිමා වූ එංගලන්ත – කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව එහි පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සමත්ව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මෙතෙක් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටි නෙයිල් වෑග්නර් තෙවැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

එමෙන්ම මෙතෙක් 8 වන ස්ථානයේ සිටි එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් 10 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසු බැස ඇති බව ද සදහන්.

ICC
Leave a comment