ට්‍රැවිස් හෙඩ්ගේ ශතකය ඔස්ට්‍රේලියානුවන් යළි සටනට අවතීර්ණ කරයි
Day 1 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(14) හෝබාර්ට්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වුණා.
පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 59.3 ක් පමණයි.
ඒ වන විට කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියා.
ඉනිමේ පළමු කඩුලු 3 දැවී ගියේ ලකුණු 12කටයි. ඩේවිඩ් වෝනර් ලකුණු නොලබාත්, උස්මාන් කවාජා ලකුණු 6කටත්, ස්ටීවන් ස්මිත් ලකුණු නොලබාත් දැවී ගියා.
මර්නස් ලබුෂේන් ලකුණු 44ක් ලබා ගනිමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගීමට දායකත්වය ලබා දුන්නා.
ට්‍රැවිස් හෙඩ් පන්දු 113කින් ලකුණු 101ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාව යළි සටනට අවතීර්ණ කළා.
කැමරන් ග්‍රීන් ලකුණු 74යි.
පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් හා ඔලී රොබින්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
One of the weirdest dismissals we've ever seen! 😱#Ashes pic.twitter.com/8Qp5rKprn8
— cricket.com.au (@cricketcomau) January 14, 2022