Ultimate magazine theme for WordPress.

ටකා කෝටි 161.5කට බංග්ලාදේශ ක්‍රිකට් විකාශන අයිතිය බන් ටෙක් ආයතනයට

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය විකාශන අයිතිය හිමි කර ගැනීමට බන් ටෙක් (Ban Tech) නම් අලෙවිකරණ ආයතනය සමත්ව තිබෙනවා.

බංග්ලාදේශ ටකා කෝටි 161.5ක (අමෙරිකානු ඩොලර් මිලියන 19.07) ලංසුවකට ඔවුන් මෙම විකාශන අයිතිය ලබා ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව අද (18) සිට 2023 වසරේ ඔක්තෝබර් 5 වැනිදා දක්වා බංග්ලාදේශ ජාතික පිරිමි කණ්ඩායමේ දේශීය තරගාවලි විකාශන අයිතිය එම ආයතනය සතු වනු ඇති.

එම කාලය තුළ දී බංග්ලාදේශ කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලි 9ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට ටෙස්ට් තරග 7ක්, එක්දින තරග 18ක් සහ 20යි 20 තරග 19ක් ඇතුළත්.

මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සිය මාධ්‍ය හිමිකම (ලොවපුරා) වසර 6කට Gazi TV වෙත ලබා දී තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 20.02 ක මුදලකටයි.

එය පසුගිය වසරේ අප්‍රේල් මාසය දක්වා වලංගු වුණා.

Ban Tech ආයතනය ඉදිරි වසර දෙකක කාලය සදහා විකාශන අයිතිය ලබා ගැනීමත් සමග ඔවුන් මේ වන විට T Sports සහ Gazi TV සමග තරග විකාශනය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 23 වනදා ආරම්භ වන එක්දින තරගාවලියේ විකාශන කටයුතුද එම නාලිකා දෙකෙන් එක් නාලිකාවක් ඔස්සේ සිදු කරනු ඇති.

Leave a comment