Ultimate magazine theme for WordPress.

ජොෆ්ර ආචර් ශල්‍යකර්මයකට

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් අද(21) දිනයේ දී ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ දකුණු අතෙහි වැළමිට ප්‍රදේශයේ පවතින ආබාධය හේතුවෙන් ආචර් මෙම ශල්‍යකර්මයට මුහුණ දෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඔහුට සම්පූර්ණ සුවය ලැබීම සදහා කොපමණ කාලයක් ගත වනු ඇත්දැයි මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලිියේ දී සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු කෙන්ට් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී මෙම ආබාධයට යළි ගොදුරු වුණා.

ඒ හේතුවෙන් දෙවැනි ඉනිමේ දී ජොෆ්ර ආචර් යොමු කළේ පන්දුවාර 5ක් පමණයි.

අතෙහි සහ වැළමිටෙහි ආබාධ හේතුවෙන් මීට පෙර ද 26 හැවිරිදි ඔහුට තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

Leave a comment