ජොන්සන් චාර්ල්ස් දිවයිනට

අදින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ජොන්සන් චාර්ල්ස් මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු අද අලුයම 5ට පමණ හම්බන්තොට ෂැන්ග්‍රි-ලා හෝටලයට ළගා වූ බවයි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නිවේදනය කළේ.
යාපනය කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි රවී බොපාරා තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන් ජොන්සන් චාර්ල්ස් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළා.
ඒ අනුව ඔහු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හයවැනි විදෙස් ක්‍රීඩකයා ලෙසයි එම කණ්ඩායම සමග එක් වුණේ.
ආරම්භක පිතිකරුවෙකු වන ජොන්සන් චාර්ල්ස් 2012 සහ 2016 වසරවල 20යි 20 ලෝක ශූරතා ජය ගත් කොදෙව් කණ්ඩායමේ ද ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළා.
දිවයිනට පැමිණීමත් සමග දින 7ක නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමට සිදුවන බැවින් ඔහුට මෙවර එල්.පී.එල් තරගාවලියේ තරග කිහිපයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමිව යනු ඇති.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මෙවර තරග වාරය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය හෙට ( 27 ) ගාලු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
ජැෆ්නා ස්ටැලියන්ස් සංචිතය –