Ultimate magazine theme for WordPress.

ජෙෆ්රි බොයිකොට් ක්‍රිකට් විස්තර විචාරයට සමු දෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ජෙෆ්රි බොයිකොට් සිය විස්තර විචාර දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ, පවතින කොරෝනා වසංගත තත්ත්වය සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.

ජෙෆ්රි බොයිකොට් පසුගිය වසර 14ක කාලය තුළ BBC මාධ්‍ය ආයතනයේ ටෙස්ට් තරග විශේෂඥ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළා.

79 හැවිරිදි ඔහු මෑතකදී හෘද සැත්කමකට ද මුහුණ දී තිබූ බවයි වාර්තා වුණේ.

Leave a comment