ජෙයිඩ්න් සීල්ස්ට අයි.සී.සීයෙන් අවවාද සමග දඩුවම් ලකුණක්

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ජෙයිඩ්න් සීල්ස්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අවවාද කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ, නිමා වූ කොදෙව් – පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.
ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් (demerit point) ද ඇතුළත් කිරීමට පියවර ගත් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.
පාකිස්තාන පළමු ඉනිමේ 70 වන පන්දුවාරයේ දී හසන් අලීගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව එය ජෙයිඩ්න් සීල්ස් විසින් නුසුදුසු භාෂාව ද භාවිතා කරමින් සැමරූ බවටයි චෝදනා එල්ල වුණේ.
තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් ඔහුට එරෙහි දඩුවම ලබා ඇති අතර, අදාළ වරද හා දඩුවම ජෙයිඩ්න් සීල්ස් විසින් පිළිගෙන තිබෙනවා.