Ultimate magazine theme for WordPress.

ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලියක් ?

ජූලි මාසයේ දී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරය කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ අවලංගු කිරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතන අතර සාකච්ඡා සිදු වන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත් අවසන් තීරණයක් ගැනීමට පෙර රජය විසින් ලබා දෙන උපදෙස් ද සැලකිල්ලට ගැනීමට සිදු වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ජූලි මාසයේ තෙවැනි සතියේ දී පමණ බංග්ලාදේශය ශ්‍රී ලංකවේ තරග සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Leave a comment