Ultimate magazine theme for WordPress.

ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් වූ ටෝනි ඕපාත දිවි ගමනට සමුදෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වුණා.

දකුණත් වේග පන්දු යවන්නෙකු වූ ටෝනි ඕපාත 1971 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

1975 සහ 1979 වසරවල පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියන් හි ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ඔහු ක්‍රීඩා කර ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 5ක්.

1982 වසරේ තහනම් දකුණු අප්‍රිකානු තරග සංචාරයට එක්වීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවුණා.

එම තරග සංචාරයේ දී ටෝනි ඕපාත කණ්ඩායමේ කළමනාකරු ලෙස මෙන්ම ක්‍රීඩකයෙකු ලෙසද කටයුතු කළා.

Leave a comment