Ultimate magazine theme for WordPress.

ජාතිවාදයට දඩුවමත් තරග පාවාදීමට සමාන විය යුතුයි – හෝල්ඩර්

ජාතිවාදය සම්බන්ධයෙන් යම් වරදකට හසුවන ක්‍රීඩකයින්ට එරෙහිව තරග පාවාදීම් සහ තහනම් උත්තේජක සිද්ධියකට වරදකරුවෙකු වූ විට ලැබෙන දඩුවමම ලබා දිය යුතු බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පවසනවා.

ඒ, BBC SPORT වෙත අදහස් දක්වමින්.

ක්‍රීඩාංගනයේ දී ජාතිවාදය සම්බන්ධයෙන් වරදක් සිදු කරන ක්‍රීඩකයෙකුට එරෙහිව ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමේ හැකියාව මේ වන විටත් ජගත් ක්‍රිකට් කවුන්සලය සතු වනවා.

කෙසේ වෙතත්, එවැනි දඩුවමක් ලබා දීමක් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

“මම හිතන්නේ නැහැ තහනම් උත්තේජකවලට සහ දූෂිත ක්‍රියාවලට ලබා දෙන දඩුවම්වලින් ජාතිවාදය සම්බන්ධ වැරැදිවලදී ලබා දෙන දඩුවම වෙනස් විය යුතුයි කියල.”

යනුවෙන් ජේසන් හෝල්ඩර් සදහන් කළා.

Leave a comment