Ultimate magazine theme for WordPress.

ජයිස්වාල්ගේ ශතකය ඉන්දියාව අවසන් පූර්ව වටයට ගෙන යයි

Match Report

ADVERTISEMENT

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී නේපාලය පරදා ලකුණු 23 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණූ 202 ක් රැස් කළා.

යශස්වි ජයිස්වාල් පන්දු 49 කින් ලකුණු 100 ක් ලබා ගත්තා. හයේ පහර 7 ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රින්කු සිං නොදැවී ලකුණු 37(15) යි.

පන්දු යැවීමේ දී Dipendra Singh Airee ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 179 ක් පමණයි

Dipendra Singh Airee ලකුණු 32(15) ක් රැස් කළ අතර, අවේශ් ඛාන් හා රවී බිෂ්නා්යි කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Leave a comment