Ultimate magazine theme for WordPress.

ජයග්‍රහනයට ශ්‍රී ලංකාව තවත් කඩුලු 7ක් පිටුපසින්, ප්‍රවීන් තවත් වාර්තාවක් අභියස – Tea Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද(2) දිනයේ තේ පානය සදහා තරගය නතර කරන විට ලකුණු 437ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම සදහා කඩුලු 3ක් දැවී ලකුණු 112ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින මොමිනුල් හක් ලකුණු 27ක් සහ මුෂ්ෆිකර් රහීම් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 24ක් ලබා සිටි ටමිම් ඉක්බාල් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

සයිෆ් හසාන් ලකුණු 34කට දැවී ගියේ ප්‍රවීන් ජයවික්‍රම යොමු කළ පන්දුවකට සුරංග ලක්මාල් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ප්‍රවීන් ජයවික්‍රම යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් නජ්මුල් හුසේන් ශන්ටෝ ලකුණු 26කට දැවී ගිය අතර, එය ප්‍රවීන් ජයවික්‍රම විසින් මෙම තරගයේ දී බිද හෙලූ 8 වන කඩුල්ල වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔහු මේ වන විට වාර්තා අතරට එක්ව ඇත්තේ ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී ශ්‍රී  ලංකා පන්දු යවන්නෙකු ප්‍රර්ශනය කළ දෙවැනි හොදම පන්දු යැවීම සටහන් කරමින්.

ඔහු තවත් එක් කඩුල්ලක් දවා ගතහොත් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී ශ්‍රී  ලංකා පන්දු යවන්නෙකු ප්‍රර්ශනය කළ හොදම පන්දු යැවීමේ වාර්තාව ඔහුගේ නම ඉදිරියේ සටහන් වනු ඇති.

තරගය ජය ගැනීම සදහා මේ වන විට බංග්ලාදේශ තවත් ලකුණු 325ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තවත් කඩුලු 7ක් දවා ගත යුතුයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 493ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 251ක් පමණයිි.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අද දහවල් අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටියදීයි.

ALSO READ : බංග්ලාදේශයට ලකුණු 437ක ජයග්‍රාහී ඉලක්කයක්

Leave a comment