Ultimate magazine theme for WordPress.

ජන්සෙන්ගේ කඩුලු 5 හමුවේ SA20 ශූරතාවය යළි Sunrisers Eastern Cape පිලට

මාර්කෝ ජන්සෙන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර SA20 තරගාවලියේ ද ශූරතාවය දිනා ගැනීමට Sunrisers Eastern Cape කණ්ඩායම ඊයේ(10) සමත් වුණා.

ඒ, කේප් ටවුන් හී දී පැවැති අවසන් මහා තරගයේ දී Durban’s Super Giants කණ්ඩායම ලකුණු 89 කින් පරාජයට පත් කරමින්. SA20 පළමු අදියරේ ශූරතාවය දිනා ගත්තේ ද Sunrisers Eastern Cape කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් පිල කඩුලු 3ක් දැවී ලකුණු 204 ක් රැස් කළා.

ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 56 ක් හා ටොම් ඇබෙල් ලකුණු 55 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපර් ජයන්ට්ස් පිලට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.

වියාන් මෝල්ඩර් ලකුණු 38 යි. භානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් ලකුණු 30 කට කඩුලු 5 ක් දවා ගත්තා.

Leave a comment