Ultimate magazine theme for WordPress.

චෙන්නායි පිලේ වෙළදනාම වටිනාකම කෝටි 611 ට බසියි – මුම්බායි තවමත් පෙරමුණේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වෙළදනාම වටිනාකම (brand value) විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි කණ්ඩායම පසුගිය වසරේ දී දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය සහ කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන්ගේ වෙළදනාම වටිනාකම මෙලෙස පහත වැටී ඇති බව සදහන්.

2020 තරග වාරයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය හිමි කර ගත් අතර, ඉතිහාසයේ පළමු වරට අවසන් වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට ද ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව චෙන්නායි කණ්ඩායමේ වෙළදනාම වටිනාකම 16.5%කින් පහත වැටී තිබෙනවා.

මීට පෙර ඉන්දීය රුපියල් කෝටි 732ක වටිනාකමක් හිමිවූ එම කණ්ඩායමට මේ වන විට හිමිව ඇති වටිනාකම කෝටි 611ක් පමණයි.

ඊට අමතරව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වෙළදනාම වටිනාකම 13.75%කින් පහත වැටී ඇති බව සදහන්.

ඉන්දීය රුපියල් කෝටි 543 ක් දක්වා ඔවුන්ගේ වටිනාකම පහත වැටී ඇත්තේ කෝටි 629 සිටයි.

පසුගියවරද අයි.පී.එල් ශූරතාවය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තවදුරටක් ඉහළම වෙළදනාම වටිනාකමකට හිමිකම් කියනවා.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 761ක වෙළදනාම වටිනාකමක් හිමි කර ගනිමින්.

Leave a comment