Ultimate magazine theme for WordPress.

චෙන්නායි කණ්ඩායමේ 10කට කොරෝනා

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අතර මෑතකදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු ද සිටින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

කාර්ය මණ්ඩල සාමාජිකයින් ද ආසාදිතයින් අතර වනවා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ නම් මෙතෙක් අණාවරනය කර නැහැ.

මේ වන විට චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඩුබායි වෙත පැමිණ සිටිනවා.

ඔවුන් අද (28) දිනයේ දී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, එය දින කිහිපයකින් කල් දැමීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම චෙන්නායි කණ්ඩායමේ සාමාජිකයින්ගේ නිරෝධායන කාලසීමාව ද සැප්තැම්බර් පළමුවනදා දක්වා දීර්ඝ කර ඇති බව සදහන්.

 

Leave a comment