Ultimate magazine theme for WordPress.

චමින්ද වාස් ඉල්ලා අස්වීම ඉවත් කර ගන්නා ලකුණු

මීට සති කිහිපයකට පෙර ඉල්ලා අස් වූ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වූ චමින්ද වාස් යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙස ඔහු යළි එක් වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.

ක්‍රිකට් බළධාරීන් සහ චමින්ද වාස් අතර පැවැති සාකච්ඡාවලින් පසුව දෙපාර්ශවය අතර පැවැති ගැටලුකාරී තත්ත්වය සමථයකට පත්ව ඇති බව සදහන්.

චමින්ද වාස් වේග පන්දු පුහුණුකාර ධූරයෙන් ඉල්ලා අස් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් තරග සංචාරය සදහා පිටත්ව යාමට පැය කිහිපයකට පෙරයි.

ඒ, ගෙවීම් සම්බන්ධයෙන් පැවැති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්.

කෙසේ වෙතත්, සිදු කෙරුණු සාකච්ඡාවලින් පසුව මේ වන විට චමින්ද වාස් සිය ඉල්ලා අස්වීම ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment