Ultimate magazine theme for WordPress.

චමරි සහ ශෂිකලාගේ සුපර්නෝවාස් කණ්ඩායම අද තීරණාත්මක තරගයකට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ  (Women’s T20 Challenge) මූලික වටයේ තෙවන හා අවසන් තරගය අද (7) පැවැත්වෙනවා.

ඒ, Supernovas කණ්ඩායම සහ Trailblazers කණ්ඩායම අතරයි.

තරගය අද රාත්‍රී 7.30ට සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇති.

මේ වන විට Trailblazers සහ Velocity කණ්ඩායම් එක් තරගය බැගින් ජය ගෙන ඇති අතර, Supernovas කණ්ඩායම ක්‍රීඩා කළ තරගයෙන් ඔවුන් පසුගියදා පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන ද Supernovas කණ්ඩායම නියෝජනය කරන අතර, අද තරගයෙන් Supernovas කණ්ඩායම ජය ගතහොත් ඔවුන් එළඹෙන 9 වනදා පැවැත්වෙන අවසන් තරගය සදහා සුදුසුකම් ලබනවා.

Leave a comment