Ultimate magazine theme for WordPress.

චමරි සහ ශෂිකලාගේ සුපර්නෝවස් පරදා ට්‍රෙයිල්බ්ලෙසර්ස් ශුරතාවය දිනයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැති කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ (Women’s T20 Challenge) ශූරතාවය දිනා ගැනීමට ට්‍රෙයිල්බ්ලෙසර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අද(9) පැවැති අවසන් මහා තරගයේ දී සුපර්නෝවස් කණ්ඩායම ලකුණු 16කින් පරාජයට පත් කරමින්.

ට්‍රෙයිල්බ්ලෙසර්ස් කණ්ඩායම මෙම ශුරතාවය ජය ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් සුපර්නෝවස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ට්‍රෙයිල්බ්ලෙසර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 118ක් ලබා ගත්තා.

නායිකා ස්ම්රිටි මන්දනා පන්දු 49කින් ලකුණු 68ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින්.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රාධා යාදේව් ලකුණු 16කට කඩුලු 5ක් දවා ගත්තා.

ශෂිකලා සිරිවර්ධන සහ පූනාම් යාදෙව් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපර්නෝවස් කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

පසුගිය තරග ද්විත්වයේ දී ම ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් චමරි අතපත්තු මෙම තරගයේ දී ලකුණු 6කට දැවී ගියා.

නායිකා හර්මන්ප්‍රීට් කෝවුර් ලකුණු 30ක් ලබා ගත් අතර, ශෂිකලා සිරිවර්ධන ලකුණු 19ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සල්මා කාටුන් ලකුණු 18කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් වුණා.

Leave a comment