Ultimate magazine theme for WordPress.

චන්දිමාල් සහ තිසර මේජර් නිලයට පත් කළ අයුරු

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරාට සහ දිනේෂ් චන්දිමාල්ට මේජර් නිලයේ ලාංඡනයන් යුද්ධ හමුදාධිපතිවරයා විසින් අද(9) පළඳවනු ලැබුවා.

ඒ, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදීයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අනුයුක්තව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපල වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සුරතින් නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ඔවුන් දෙපලගේ ඉදිරි අනාගතය සඳහා සිය සුබපැතුම් ද යුද්ධ හමුදාපතිවරයා පිරිනැමුවා.

මේ වනවිට මේජර් තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් ද මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය නියෝජනය කරමින් ද යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම වෙත සිය දායකත්වය ලබාදෙනවා.

ලාංඡන පැළදවීමට අදාළ දර්ශන සහ ඡායාරූප පහතින් –

army
army
army
army
army
Leave a comment