ගේල් ගහපු 1000 වැනි හයේ පහර

බටහිර ඉන්දීය කොදෙව් සහ කිංග්ස් ඉලවන් පංජාබ් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් පන්දුවාර 20යි 20 පිටියේ හයේ පහර 1000ක් එල්ල කළ ලොව පළමු පිතිකරු ලෙස ඊයේ(30) ඉතිහාසගත වුණා.
ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී යි.
ඔහු එම තරගයේ දී ලකුණු 99කට දැවී ගිය අතර, සිය ඉනිමට හයේ පහර 8ක් ඇතුළත් කිරීමට ද ගේල් සමත් වුණා.
41 හැවිරිදි ඔහු මේ වන විට එල්ල කර ඇති සමස්ත 20යි 20 හයේ පහර සංඛ්‍යාව 1001ක්.
සිය 410 වන 20යි 20 තරගයේ දී යි ක්‍රිස් ගේල් මෙම කඩඉම පසු කර යාමට සමත් වුණේ.
වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය කොදෙව් පිතිකරු කිරන් පොලාඩ්ට හිමිව තිබෙනවා.
ඔහු එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 690ක්.
එම ලේඛණයේ තෙවැනි ස්ථානය නවසීලන්ත හිටපු පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් හිමි කර ගෙන ඇත්තේ හයේ පහර 485ක් එල්ල කරමින්.
ක්‍රිස් ගේල් එල්ල කළ 1000 වැනි හයේ පහර මෙතනින් නරඹන්න –
Chris Gayle Becomes The First Cricketer to Smash 1000 Sixes in T20 History
Gayle’s 1000th Six #KXIPvRR pic.twitter.com/GtVBAFJwC7
— ViNiTh (@Vinith_Offl) October 30, 2020