ගිබ්ස් පුහුණුකාරධූරයෙන් ඉවතට

කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂල් ගිබ්ස්ගේ සේවය අත්හිටුවා ඇති බව ඩේලි මිරර් වාර්තා කරනවා.
ඒ අනුව කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස සහාය පුහුණුකරු වූ රංගන හේරත් මේ වන විට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
හර්ෂල් ගිබ්ස් එල්.පී.එල් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස මෙරටට පළමුව පැමිණි නමුත්, පසුව ඔහුව කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණා.
ඔහුගේ ධූරය අත්හිටුවීමට හේතුව මෙතෙක් පැහැදිලිව අණාවරණය වී නොමැති නමුත්, කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සමග ඇති වූ බහින්බස්වීමකින් පසුව හර්ෂල් ගිබ්ස්ගේ ධුරය අත්හිටුවා ඇති බව සදහන්.