Ultimate magazine theme for WordPress.

ගැටුමකට සම්බන්ධ වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගැන පරීක්ෂණ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැටුමකට සම්බන්ධ වූ බවට පල වන මාධ්‍ය වර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

දකුණු පළාතේ හෝටලයක පැවැති උත්සවයකදී මෙම ගැටුම සිදුව ඇති බවට මාධ්‍ය වාර්තා පලව ඇති බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් දැඩිව අධික්ෂණය කරන බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව යම් ක්‍රීඩකයෙකු වරදක් සිදු කර ඇති බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක් වුණේ.

Leave a comment