Ultimate magazine theme for WordPress.

ගාලු කණ්ඩායමේ අසාම් ඛාන් පාකිස්තාන සංචිතයට

පාකිස්තාන ටෙස්ට් සංචිතය සදහා මොහොමඩ් අබ්බාස් සහ නසීම් ශාහ් යළි කැදවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන්.

පාකිස්තාන ටෙස්ට් සංචිතයට අමතරව එංගලන්තයට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට එරෙහි එක්දින සහ 20යි 20 තරගාවලි සදහා වන සංචිත ද අද(4) එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා.

හැරිස් සොහයිල් සහ ඉමාඩ් වසීම් පිළිවෙලින් එක්දින සහ 20යි 20 සංචිත සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙතෙක් ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති ගෝල් ග්ලැඩියේටර්ස් සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම් නියෝජනය කළ ප්‍රහාරාත්මක පිතිකරු අසාම් ඛාන් ද 20යි 20 සංචිතයට ඇතුළත්.

පාකිස්තාන කණ්ඩායම ජූලි 8-20 අතර කාලයේ දී එංගලන්තයට එරෙහිව එක්දින සහ 20යි 20 තරග 3 බැගින් වන තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිත අතර, අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොදෙව් දේශයේ දී 20යි 20 තරග 5කට සහ ටෙස්ට් තරග 2කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

සංචිත –

එක්දින සංචිතය :

Babar Azam (c), Shadab Khan (vc), Abdullah Shafique, Faheem Ashraf, Fakhar Zaman, Haider Ali , Haris Rauf, Haris Sohail, Hasan Ali , Imam-ul-Haq, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan (wk), Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Shah Afridi and Usman Qadir

20යි 20 සංචිතය :

Babar Azam (c), Shadab Khan(vc), Arshad Iqbal, Azam Khan, Faheem Ashraf, Fakhar Zaman, Haider Ali, Haris Rauf, Hasan Ali, Imad Wasim, Mohammad Hafeez, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan (wk), Mohammad Wasim Jnr, Sarfaraz Ahmed (wk), Shaheen Shah Afridi, Sharjeel Khan and Usman Qadir.

ටෙස්ට් සංචිතය :

Babar Azam (c), Mohammad Rizwan(vc) (wk), Abdullah Shafique, Abid Ali, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Rauf, Hasan Ali, Imran Butt, Mohammad Abbas, Mohammad Nawaz, Naseem Shah, Nauman Ali, Sajid Khan, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Shah Afridi, Shahnawaz Dahani, Yasir Shah (subject to fitness) and Zahid Mahmood.

Leave a comment